සමාජ මාධ්‍ය ඔස්සේ තමන් ඉලක්ක කර ගනිමින් පළවන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ, හිතාමතාම ගොතන ලද අන්තර්ගතයන් මගින් මෙම අසත්‍ය තොරතුරු ප්‍රචාරණ සිදුකෙරෙන බවයි.
“අවුරුදු ගාණක් මිනිස්සු JVP නායකයන්ට මඩ ගැහුවා. 2021 ඉඳන් අපි වගේ අලුත් අයටත් අපකීර්තියක් දෙන්න හැදුවා. ඒත් අන්තිමට ජනතාව උත්තර දුන්නා. දූෂිත පරපෝෂිතයන්ගේ දේශපාලන යුගය ඉවරයි. මින් ඉදිරියට මේ රටේ දේශපාලනය කරන්නේ ප්‍රතිපත්ති රකින උගත්, බුද්ධිමත් මිනිස්සු” ඔහු සඳහන් කර තිබේ.
මුදල් පසුපස හඹායන ඇතැම් සමාජ මාධ්‍ය පිටු තවමත් පවතින අතරම, එවැනි ක්‍රියාකාරකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම තම රාජකාරිය පහසු කර ගැනීමට ඉවහල් වන බවද ඔහු වැඩිදුරටත් පවසයි.
ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග සිදුකරමින් සිටින බවත්, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට කරුණු පැහැදිලි කිරීමට සිදුවිය හැකි බවත් ඔහු සඳහන් කළේය.