Home » පේරු රාජ්‍යයේ හිටපු ජනපතිට සහ බිරිඳට වසර 15ක සිර දඬුවම්

පේරු රාජ්‍යයේ හිටපු ජනපතිට සහ බිරිඳට වසර 15ක සිර දඬුවම්

by chanaka
April 16, 2025 11:25 am 0 comment

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා උමාලා සහ ඔහුගේ බිරිඳ වන නදීන් හෙරෙවියාට වසර 15ක සිර දඬුවම් නියම කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වූ චෝදනාවකට වරදකරුවන් කරමින් මෙලෙස සිර දඬුවම් පනවා ඇති බවයි.

2006 සහ 2011 දී ඔහුගේ මැතිවරණ ව්‍යාපාර සඳහා බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමකින් නීති විරෝධී ආකාරයට අරමුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන්ට මෙලෙස සිර දඬුවම් නියම කර තිබේ.

වසර තුනකට අධික කාලයක් පැවති නඩු විභාගයකින් අනතුරුව ඊයේ (15) එරට අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී තිබුණි.

කෙසේ නමුත් 62 හැවිරිදි හිටපු ජනාධිපති ඔලන්ටා උමාලා සහ ඔහුගේ බිරිඳ මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබු බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT