197
නිවාසවල වහලය මත සවිකර ඇති සුර්ය පැනල අක්‍රීය කිරිමේ කටයුතු කෙටි පණිවුඩයක් ලැබුණහොත් පමණක් හෙට සිදු කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.
එම මණ්ඩලය සඳහන් කළේ, ලබන 21 වැනිදා දක්වා කෙටි පණිවුඩ මත පමණක් සුර්ය පැනල අක්‍රිය කිරීම ප්‍රමාණවත් බවය.
පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කිරිම සහ සැපයුම කළමනාකරණය සඳහා පසුගියදා දහවල් කාලයේ සිට සවස 3 දක්වා සෑම දිනකම වහල මත සවිකර ඇති සූර්යය පැනල අක්‍රිය කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවට නිවේදනය කළේ ය.
පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂාකිරිමේ අරමුණින් එම තීරණය ගෙන තිබේ.