Home » කොළඹට එන මගී ජනතාවට විශේෂ නිවේදනයක්

කොළඹට එන මගී ජනතාවට විශේෂ නිවේදනයක්

by yasara
April 16, 2025 10:50 am 0 comment

මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (16) දිනයේ බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කර තිබෙයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල සඳහන් කළේ සාමාන්‍ය කාලසටහන යටතේ අද බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය මගී ජනතාව වෙනුවෙන් හෙට (17) සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

මේ අතර කාර්යාල දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කිරීමටත් ගම්බිම් බලාගිය ජනතාවගේ අවශ්‍යතාව මත හෙට සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමටත් සැලසුම් කර තිබෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT