සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත වෙයි. ඒ මහතා මිය යන විට වසය අවුරුදු 72කි.
1952 නොවැම්බර් මස 22වැනිදා මෙලොව එළිය දුටු ජයසේන කෝට්ටෙගොඩ මහතා මූලික අධ්‍යාපනය සඳහා ගොඩඋඩ කනිටු විදුහලටත් අනතුරුව ගොඩඋඩ මහා විද්‍යාලයටත් ඇතුළු වූ පසුව රජයේ නැටුම් හා මුද්‍රණ නාට්‍ය විද්‍යාලයට පිවිසිනි.
ජයසේන කෝට්ටේගොඩ මහතා, සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙන් බිහිවූ ප්‍රථම ලලිත කලාවේදී උපාධිධාරින් කණ්ඩායමේ සාමාජිකයෙක් වන අතර 1978 ඔක්තෝබර් මස 31 වන දින කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ බාහිර කතිකාචාර්යවරයකු ලෙස එක්විය.
පහතරට නර්තන සම්ප්‍රදාය මෙන්ම ශාන්තිකර්ම පර්යේෂණ ක්ෂේත්‍රය නව මගකට යොමුකළ ඔහු විෂයගත පර්යේෂණ කෘති 30ක් පමණ නිර්මාණය කර ඇති අතර ශ්‍රී ලංකා නැටුම්, ඉන්දියානු නැටුම්, සංගීතය, ජනප්‍රවාද සහ ජන කලා යන විෂයයන් යටතේ ද පර්යේෂණ කෘති 30ක් පමණ රචනා කර ඇත.
සෞන්දර්ය අධ්‍යයන ක්ෂේත්‍රයේ මෙරට පළමු මහාචාර්යවරයා වන ඔහු චිත්‍රපට ක්ෂේත්‍රයේ නර්තන ශිල්පියෙකු, නර්තන අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් ගුවන් විදුලි සහ රූපවාහිනී වැඩසටහන් රැසක බාහිර නිෂ්පාදකයෙක් ලෙස සිය දායකත්වය සපයා ඇත.