Home » මෙරට ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනයෙන් වාර්තාගත ආදායමක්

මෙරට ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනයෙන් වාර්තාගත ආදායමක්

by chanaka
April 15, 2025 4:46 pm 0 comment

sapugaskanda

ඉතිහාසයේ පළමුවරට මෙරට ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයක මට්ටම ඉක්මවා ගොස් තිබේ.

නැව් සහ ගුවන් යානා ඉන්ධන සැපයුම් පරිමාවන් ඉහළ යාම ඊට ප්‍රධානම හේතුව බව මහ බැංකුව සඳහන් කළේය.

එසේම, රතු මුහුද ආශ්‍රිත නැව් ගමනාගමනයට ඇති වූ බාධා ද ඊට හේතුවී තිබේ.

පසුගිය වසරේ මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 12.8 ක් වූ අතර, 2023 වසරට සාපේක්ෂව එය සියයට 7.02 ක වර්ධනයකි.

අපනයන ආදායම වර්ධනයට ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන ඇතුලු කාර්මික අපනයනවල ඉහළ යාමද හේතුවූ බව මහ බැංකුව සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT