Home » අධිවේගයේ ආදායම තව තවත් ඉහළ ගිහිං

අධිවේගයේ ආදායම තව තවත් ඉහළ ගිහිං

by chanaka
April 15, 2025 10:16 am 0 comment

ගතවූ දි 04 තුළ අධිවේගී මාර්ගවලින් ඉපැයූ ආදායම රුපියල් මිලියන 173 ඉක්මවා ගොස් තිබේ.

අලුත් අවුරුදු සමය හේතුවෙන් ගම් බිම් බලා යන ජනතාව වැඩි වශයෙන් අධිවේගී මාර්ගය භාවිත කිරීම මීට හේතු වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, දින 04 තුළ දී ලක්ෂ 5කට ආසන්න වාහන අධිවේගී මාර්ගයේ ගමන් කර ඇති බව සඳහන්ය.

ඊයේ(14) දිනයේ දී පමණක් වාහන එක්ලක්ෂ 9637ක් ගමන් කර ඇති අතර ඉන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 39කි.

ඉන් ලබා ඇති ආදායම රුපියල් කෝටි 10කට අධික වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව ආදායම 20%කින් ඉහළ යාමකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT