ලංකාවේ විශාලතම කිරිබත සකස් කිරීම අද(14) සිංහල හා දෙමළ අලුත් අවුරුදු දා ,සුබ මොහොතින් වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවුවන්ගේ දෑතින් සිදු කෙරිණි.
වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි රැඳවුවන් 50කට අධීක පිරිසකගේ දායකත්වයෙන් අද අලුයම සකස් කළ මෙම අවුරුදු කිරිබතට කැකුළු සහල් කිලෝ 400ක් ,පොල් ගෙඩි 705ක් ඒ් සඳහා යොදා ගෙන තිබිණි. කිරිබත සඳහා රසවත් ලුණු මිරිසක්ද රැඳවුවන් අතින් සකස් කළ අතර ඒ් සඳහා බී ලූණූ කිලෝ 60ක් ,වියළී මිරිස් කිලෝ 12ක් ,අමුමිරිස් කිලෝ 07ක්,තක්කාලි සහ දෙහි කිලේ 10 බැගින් ,දියලුණු කිලෝ 30ක් යොදා ගැණිනි.
මෙම කිරිබත වැලිකඩ බන්ධනාගාරයේ පිරිමි සහ කාන්තා අංශයේ සිටින රැඳවුවන් 3300කට ආසන්න පිරිසකට අවුරුදු දා රසවිඳීමට හැකි වූ අතර ඒක් අයකුට හිමිවූ කිරිබත් කැටයක ප්‍රමාණය ග්‍රෑම් 225කි.
අද අලුත් අවුරුදු දා මෙරට සියලුම බන්ධනාගාරවල අවුරුදු කිරිබතක් රැඳවුවන් 30,000කට ආසන්න ප්‍රමාණයක් සඳහා පිළියෙළ වූ අතර බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී .බී.දිසානායක මහතා පැවැසුවේ 30,000ක් පමණ රැඳවුවන් විශාල පිරිසක් ඒකම කාල පරාසයක් තුළදී අවුරුදු කිරිබතක රස බැලීමද විශේ ෂත්වයක් බවයි.
අවුරුදු කිරිබතක් පිළීයෙළ කිරීම වගේම රැඳවුවන් වෙනුවෙන් අවුරුදු චාරිත්‍ර බන්ධනාගාරතුළ ඉටු කිරීමද ඒ ඒ බන්ධනාගාරයන් තුළදී අද සිදු වූ බවත් 16 වැනිදා ට යෙදෙන හිසතෙල් ගෑමේ චාරිත්‍රයද රැඳවුවන් වෙනුවෙන් ඒ ඒ බන්ධනාගාරවලදී ඉටු කරන බවද දිසානායක මහතා කියයි.