Home » ගතවූ දින 04ට ලංගමට මිලියන 600ක ආදායමක්

ගතවූ දින 04ට ලංගමට මිලියන 600ක ආදායමක්

by chanaka
April 14, 2025 9:09 pm 0 comment

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ගතවූ දින 04 තුළදී රුපියල් මිලියන 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇත.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්.ටි.චන්ද්‍රසිරි මහතා කියා සිටියේ, ජනතාවට ගම්බිම් බලා යාම සඳහා ශ්‍රී ලංගම බස්රථ ධාවනයට යෙදවීමෙන් එක් දිනකට රුපියල් මිලියන 200ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවයි.

මෙවර අවුරුදු සමයේදී ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් අතිරේක බස්රථ 350 ක් පමණ යෙදවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT