Home » හෙරොයින් සහ අයිස් තොගයක් තංගල්ලේ දී අල්ලයි

හෙරොයින් සහ අයිස් තොගයක් තංගල්ලේ දී අල්ලයි

by yasara
April 13, 2025 7:59 am 0 comment

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්රෑම් සියයකට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලොරි රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

තංගල්ල නගරය ආශ්‍රිතව පොලීසිය කළ රථ වාහන පරීක්ෂාවකදී එම තොගය සොයා ගෙන ඇත.

එහි තිබී අයිස් කිලෝග්රෑම් 65 ක් සහ හෙරොයින් කිලෝග්රෑම් 52 ක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT