Home » පාප් වහන්සේ සාමාන්‍ය ඇඳුමකින් ශාන්ත පීතර දේවස්ථානයට

පාප් වහන්සේ සාමාන්‍ය ඇඳුමකින් ශාන්ත පීතර දේවස්ථානයට

by chanaka
April 12, 2025 1:44 pm 0 comment

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සාම්ප්‍රදායික පාප් ඇඳුමින් මිදී සාමාන්‍ය ඇඳුමකින් සැරසී ශාන්ත පීතර බැසිලිකාවට පැමිණිම විදෙස් මාධ්‍යවල අවධානය දිනාගෙන තිබේ.

ද්විත්ව නියුමෝනියා රෝගයට ගොදුරුවී විවේකී සුවයෙන් පසුවන පාප්වහන්සේගේ මෙම පැමිණිම බැතිමතුන්ගේ මවිතයට හේතු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

රොයිටර් ප්‍රවෘත්ති සේවය ප්‍රසිද්ධ කර ඇති වීඩියෝවක, 88 හැවිරිදි පාප් වහන්සේ කළු කලිසමක් ඇඳගෙන රෝද පුටුවක සිටින අතර පපුව වටා ඉරි සහිත බ්ලැන්කට්ටුවක් ඔතා සිටිනු දක්නට ලැබේ.

බැසිලිකා දේවස්ථානයට පැමිණි අමුත්තන් දෙසට අත වනමින්, උපස්ථායකයින් තම රෝද පුටුව තල්ලු කරන විට, පාප් වහන්සේට අතිරේක ඔක්සිජන් ලබා ගැනීම සඳහා කුඩා නාසික ආධාරකයක් ද සවි කර ඇති බව වීඩියෝවේ දැක්වේ.

ද්විත්ව නියුමෝනියාව සඳහා දින 38ක් රෝහලේ ගත කිරීමෙන් පසු ෆ්‍රැන්සිස් වතිකානුවේ සුවය ලබමින් සිටී.

මාර්තු 23 වන දින රෝහලෙන් පිටව ගිය පසු, අප්‍රේල් 6 වන දින ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවති උත්සවයකදී කෙටියෙන් බැතිමතුන්ට ආචාර කළ අවස්ථාව හැර ඔහු මීට පෙර අසනීප තත්ත්වයෙන් පසු ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත.

පාප් වහන්සේ තම සාම්ප්‍රදායික පාප්තුමාගේ ඇඳුම් වෙනුවට සිවිල් ඇඳුමින් සැරසී ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ කලාතුරකිනි. නමුත් ඇතැම් විදේශ සංචාර වලදී ඉඳහිට සාමාන්‍ය ඇඳුම් ඇඳ පැළඳ සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT