Home » VAT සංශෝධන පනත් කෙටුම්පතට කතානායක සහතිකය

VAT සංශෝධන පනත් කෙටුම්පතට කතානායක සහතිකය

by chanaka
April 11, 2025 4:28 pm 0 comment

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (11) සිය සහතිකය සටහන් කළේය.

මෙම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය 9 වැනිදා පැවැත්වූ අතර කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පතට සංශෝධන එක්විය.

අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒ අනුව, මෙම පනත් කෙටුම්පත 2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත වශයෙන් බලාත්මක වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT