අමෙරිකාව චීන නිෂ්පාදිතයන්ට පණවන තීරුබදු තවදුරටත් ඉහල දැමීමට එරෙහිව චීනය ප්‍රතිපියවර ගැනීම සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙයි.
ඇමරිකාව චීනයට පණවන අධික තීරුබදු, හුදෙක් ඉලක්කම් ක්‍රීඩාවක් වී තිබෙන බවත් එය ආර්ථික වශයෙන් නිරර්ථ වී ඇති බවත් එම ප්‍රකාශකයා පැවසීය.
එමගින් ඇමරිකාව තීරුබදු පියවර ආයුධ ලෙස භාවිත කරමින් හිරිහැර කිරීම හා බලහත්කාරය ක්‍රියාත්මක කිරීම පමණක් පැහැදිලි වූ බවත් මේ කාර්යය හුදෙක් විහිළුවක් බවට පත් වනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
ඇමරිකාව තවදුරටත් තීරුබදු ක්‍රීඩාවෙහි නිරත වුවහොත්, චීනය එය නොසලකා හරිනු ඇත.
එහෙත් ඇමරිකාව ප්‍රායෝගිකව චීනයේ අයිතිවාසිකම්වලට හානි එල්ල කළහොත්, චීනය ස්ථිර ලෙස අවසානය දක්වා ප්‍රතිපහර දෙනු ඇතැයි චීන ප්‍රකාශකයා ප්‍රකාශ කර ඇත.