Wednesday, April 23, 2025
Home » අමෙරිකානු ආර්ථිකය අවපාතයකට වැටීමේ අවදානමක් – අමෙරිකාවේ හිටපු භාණ්ඩාගාර ලේකම් කියයි

අමෙරිකානු ආර්ථිකය අවපාතයකට වැටීමේ අවදානමක් – අමෙරිකාවේ හිටපු භාණ්ඩාගාර ලේකම් කියයි

by chanaka
April 11, 2025 4:41 pm 0 comment

වත්මන් ඇමරිකානු රජයේ නව ආර්ථික ප්‍රතිපත්ති, තමා මෙතෙක් දැක ඇති තමන්ටම හානි කර ගැනීමේ නරකම ක්‍රියාව බව, ඇමරිකාවේ හිටපු භාණ්ඩාගාර ලේකම් Janet Yellen ඊයේ (10) පැවසුවාය.

අතිරේක තීරුබදු පැනවීම වැනි ප්‍රතිපත්ති හේතුවෙන් ඇමරිකානු ආර්ථිකය අවපාතයකට ඇද වැටීමේ අවදානම මේ වනවිට ඉහළ ගොස් ඇති බව ඇය පෙන්වා දෙයි.

Janet Yellen, Obama රජයේ ෆෙඩරල් සංචිත සභාපති ලෙසත් පසුව Biden රජයේ භාණ්ඩාගාර ලේකම් ලෙසත් සේවය කර තිබේ. ඊයේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇය කියා සිටියේ, පාරිභෝගික වියදම් කෙරෙහි පවතින ඍණාත්මක බලපෑමට අමතරව,වත්මන් ඇමරිකානු රජයේ තීරුබදු ප්‍රතිපත්තිය ද එරට ආර්ථිකය අවිනිශ්චිත මෙන්ම දැවැන්ත කම්පනයකට මුහුණ දීමට හේතු වී ඇති බවයි.

ඇමරිකාවේ ආර්ථික අවපාතයක අවදානම පිළිබඳව එරට හිටපු භාණ්ඩාගාර ලේකම් Lawrence Summers මෑතකදී අනතුරු ඇඟවීය. පසුගිය 08 වැනිදා සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පැවසුවේ Trump රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන තීරුබදු පියවර හේතුවෙන් ඇමරිකාව තවදුරටත් ආර්ථික අවපාතයක් කරා යා හැකි බවයි. මෙමඟින් මිලියන 2 ක පමණ ඇමරිකානුවන් රැකියා විරහිත විය හැකි බවත්, සෑම නිවසකටම අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 5,000 ක පමණ ආදායමක් අහිමි වන බවත් ඔහු පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT