තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා සදීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අද (10) පස්වරුවේ ඩුබායි බලා පිටත්ව යෑමට නියමිතය. එහිදී ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනයේ සත්කාරකත්වය යටතේ ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඇෆ්ගනිස්තාන ‘ඒ’ සහ අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම් සමඟ තුන්කොන් තරගාවලියට එක්වන අතර, තරගාවලිය මේ ඉරිදා (13) ආරම්භ වන්නේ ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගයෙනි. අනතුරුව 15 වැනිදා ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග වදින ශ්‍රී ලංකා පිල යළිත් 19 සහ 23 දිනවල පිළිවෙළින් අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග වැදීමට නියමිතය. මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක මේ 25 වැනිදා අවසන් මහ තරගයට එක්වනු ඇත.
මේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනකුගෙන් සමන්විත සංචිතයක් එක්වන අතර, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අවසන් තරගාවලිය වූ පාකිස්තාන සංචාරයට එක්වූ එක්දින සංචිතයේ නායකයා ලෙස කටයුතු කළ නුවනිඳු ප්‍රනාන්දු ද මේ සංචිතයට ඇතුළත් කර තිබේ. ඊට අමතරව එම කණ්ඩායමේ සිටි ළහිරු උදාර, කමිල් මිෂාර, පසිඳු සූරියබණ්ඩාර, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, සොනාල් දිනූෂ, දුෂාන් හේමන්ත, වනුජ සහන් සහ ඩිල්ෂාන් මදුශංක මේ සංචිතයටත් එක්ව සිටිති.
ලසිත් කෲස්පුල්ලේ, තරිඳු රත්නායක, චමිඳු වික්‍රමසිංහ, මොහොමඩ් ශිරාස් සහ මිලාන් රත්නායක ‘ඒ‘ පිලට කැඳවා ඇති අතර, පාකිස්තාන සංචාරයට එක්වූ අහන් වික්‍රමසිංහ, දිනුර කලුපහන, කවිඳු නදීෂාන්, ඒෂාන් මාලිංග සහ නිපුන් රංසිකට ස්ථාන අහිමි වී තිබේ.
මේ තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඇෆ්ගන් ‘ඒ’ පිලට එරෙහිව අඩුඩාබියේදීම සිවුදින නිල නොවන ටෙස්ට් තරගයකට එක්ව, අතර, එම තරගය ආරම්භ වන්නේ මේ මස 29 වැනිදාය.
මේ තරගාවලියට පෙර ඇෆ්ගන් සහ අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම් සිවුදින තරගයට එක්වූ අතර, ඊයේ එම තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.
ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය – සදීර සමරවික්‍රම (නායක), ළහිරු උදාර, කමිල් මිෂාර, ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, පසිඳු සූරියබණ්ඩාර, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, සොනාල් දිනූෂ, දුෂාන් හේමන්ත, තරිඳු රත්නායක, වනුජ සහන්, චමිඳු වික්‍රමසිංහ, ඩිල්ෂාන් මදුශංක, මොහොමඩ් ශිරාස්, මිලාන් රත්නායක.
තරග කාලසටහන
13 දා: ශ්‍රී ලංකා ‘ඒ’ – අයර්ලන්ත ‘ඒ’
15 දා: ශ්‍රී ලංකා ‘ඒ’ – ඇෆ්ගනිස්තාන ‘ඒ’
17 දා: ඇෆ්ගනිස්තාන ‘ඒ’- අයර්ලන්ත ‘ඒ’
19 දා: ශ්‍රී ලංකා ‘ඒ’ – අයර්ලන්ත ‘ඒ’
21 දා: ඇෆ්ගනිස්තාන ‘ඒ’- අයර්ලන්ත ‘ඒ’
23 දා: ශ්‍රී ලංකා ‘ඒ’ – ඇෆ්ගනිස්තාන ‘ඒ’
25 දා: අවසන් මහා තරගය