Home » ප්‍රියන්ෂ්ගේ ශතකයෙන් පන්ජාබයට ජය

ප්‍රියන්ෂ්ගේ ශතකයෙන් පන්ජාබයට ජය

by mahesh
April 10, 2025 1:00 am 0 comment

ප්‍රියන්ෂ් ආර්යා වාර්තා කළ මංගල අයිපීඑල් ශතකය හේතුවෙන් මතීෂ පතිරණ ක්‍රීඩා කරන චෙන්නායි සුපර් කිංග්ස් පිල සමඟ පැවති අයිපීඑල් තරගාවලියේ 22 වැනි තරගයෙන් ලකුණු 18ක ජයක් හිමි කර ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් විය.

මුලන්පූර්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් පන්ජාබ් පිල ලකුණු 219ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස චෙන්නායි පිලට ඕවර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 201ක් පමණි.

ඩෙවෝන් කොන්වේ ලකුණු 69ක්, ශිවම් ඩූබේ ලකුණු 42ක් සහ මහේන්ද්‍ර සිං දෝනි පන්දු 12කින් ලකුණු 27ක් රැස් කළ ද චෙන්නායි ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. පන්දු යැවීමේදී ලොකී ෆර්ගසන් කඩුලු 2ක් දවා ගත්තේය.

පන්ජාබ් ඉනිමට වේගවත් ආරම්භයක් දුන් ප්‍රියන්ෂ් ආර්යා ලකුණු 103ක් රැස් කළේ හතරේ පහර 7ක් සහ හයේ පහර 9ක් සමඟ පන්දු 42කිනි.

ශෂාන්ක් සිං නොදැවී ලකුණු 52ක් සහ මාර්කෝ ජනේසන් පන්දු 19කින් නොදැවී ලකුණු 34ක් රැස් කරමින් පන්ජාබ් ඉනිමට දායකත්වය දුන්හ. පන්දු යැවීමේදී කලීල් අහමඩ් සහ රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 2 බැගින් දවාගත් අතර, දැඩි ප්‍රහාරයකට ලක්වූ පන්දු යවන්නා වූ මතීෂ පතිරණ ලකුණු 52ක් ලබා දුන්න ද කඩුලු දවා ගැනීමට නොහැකි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT