Home » කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

by mahesh
April 10, 2025 1:00 am 0 comment

දිගාමඬුල්ල විශේෂ - වසන්ත චන්ද්‍රපාල

ශ්‍රී ලංකා නාවික හමුදාව, කිළිනොච්චිය උඩුත්තුරෙයි මුහුදු ප්‍රදේශයේ සහ විශේෂ කාර්ය බළකාය හා එක්ව එම වෙරළ ප්‍රදේශයේ පෙරේදා (08) අලුයම් කාලයේ සිදු කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 304යි ග්‍රෑම් 600ක පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව, උතුරු නාවික විධානයේ නාවික ස්ථානගත කිරීම වෙත්තලකේණි ආයතනය, එම ආයතනයට අනුයුක්ත මැරීන් සහ විශේෂ යාත්‍රා බළගණ කණ්ඩායමක් යොදවා කිළිනොච්චිය උඩුත්තුරෙයි මුහුදු ප්‍රදේශයේ සහ මරදන්කේනී, විශේෂ කාර්ය බළකාය හා එක්ව එම වෙරළ ප්‍රදේශයේ පෙරේදා (08) අලුයම් කාලයේ සිදු කළ මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, මෙම ගංජා සහ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන එකසිය විසි එකකට (121) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 41ක් වන මුල්ලියාන් ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගත් අතර, එම සැකකරු, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මරදන්කේනී පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT