Home » සරුබිම අක්‍රිය වී ඇති වීදි පහන් සක්‍රිය කර දෙන්න ගම්වැසියන්ගෙන් ඉල්ලීම්

සරුබිම අක්‍රිය වී ඇති වීදි පහන් සක්‍රිය කර දෙන්න ගම්වැසියන්ගෙන් ඉල්ලීම්

by mahesh
April 10, 2025 1:00 am 0 comment

ඇළහැර - සරත් වෙලගෙදර

ඇළහැර ප්‍රදේශීය සභාව මඟින් පාලනය වන සරුබිම ගම්මානයේ අක්‍රිය වී ඇති වීථි පහන් නැවත සක්‍රිය කර දෙන මෙන් ඇළහැර ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට ගම්වැසියන් ලිඛිතව පැමිණිලි කර මාස දෙකක් ගතවුවද මෙතෙක් වීථි පහන් අලුත්වැඩියා කරදීමට පියවර ගෙන නොමැති බව සරුබිම ගම්වැසියෝ පවසති.

මේ දිනවල වනඅලි ගම්වැදී මාර්ගයේ අලින් ගමන් කරන නිසා රාත්‍රි කාලයේ ගම්වැසියන්ගේ ජීවිත බේරාගනුයේ මේ මාර්ගයේ සවිකර ඇති වීථි පහන් නිසා බව ද ගම්වැසියෝ පෙන්වා දෙති.

සරුබිම ගම්මානයේ අක්‍රිය වී ඇති වීදි පහන් සක්‍රිය කර දෙන මෙන් ඇළහැර ප්‍රාදේශිය සභාවේ ලේකම්වරියට දෙවතාවක්ම කාර්යාලයට ගොස් පැමිණිළි කළ ද ඇය මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති බව ගම්වැසියෝ පෙන්වා දෙති.

මේ අක්‍රිය වී ඇති වීථි පහන් සක්‍රිය නොකිරීම පිළිබඳ ඇළහැර ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියගෙන් විමසූ විට ඇය පැවසුවේ ප්‍රාදේශීය සභාවේ වීථි පහන් අලුත්වැඩියා කරන සේවකයින් ගම්වලට යන්නේ පැමිණිලි කරන පිළිවෙළට බවත් “අලි එනවා කියලා මට කරන්න දෙයක් නෑ, කාර්මිකයින් එනතෙක් ගම්වැසියන්ට ඉවසාගෙන ඉන්න සිදු වෙනවා” යැයි ද ඇය පැවසුවාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT