ශ්‍රී ලාංකේය සමුද්‍ර තිරයෙහි ඉතා වටිනා කොරල්පරයක් ලෙස සැලකෙන තලවිල, කල්පිටිය කොරල්පරය සංරක්ෂණය කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. පුත්තලම මුහුදු තීරයේ ආලංකුඩාවේ සිට තුඩාව දක්වා මුහුදු කලාපය ලොව වඩාත්ම ජෛව විවිධත්වය සහිත මුහුදු තීරයක් ලෙස හඳුනාගෙන ඇති අතර, එම මුහුදු තීරයේ පවතින ඉතා වටිනා කොරල්පර ආරක්ෂා කිරීම සඳහා තලවිල, කල්පිටිය කොරල්පරය ප්‍රකාශයට පත් කිරීම පසුගියදා පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී සිදු කෙරිණි.
එහිදී අදහස් දැක්වූ වනජීවී නිලධාරි උපාලි කුමාරතුංග මහතා: “පාරිසරික වශයෙන් ඉතාම වටිනා ප්‍රදේශයක් ලෙස තලවිල, කල්පිටිය සමුද්‍ර තීරය හඳුන්වන්න පුළුවන්. 30%ක රක්ෂිත සමුද්‍ර කලාපයක් තිබීම රටකට ඉතාම වැදගත් වෙනවා. ආලන්කුඩාවේ සිට තුඩාව දක්වා සමුද්‍ර අභයභූමියක් ලෙසයි අපි සලකන්නේ. පාරිසරිකව වගේම මේ පද්ධතිය ආර්ථිකයටත් විශාල ප්‍රයෝජනයක් අත්කර දෙනවා. මෙම පරිසර කලාපයේ පවතින කොරල්පර රැක ගැනීම ඉතාම වැදගත් බව කිව යුතුයි. ආලන්තුඩාවේ සිට තුඩාව දක්වා මුහුදු තීරය සමුද්‍ර අභයභූමිය ලෙස අපි සලකනවා. පාරිසරික වගේම මේ පද්ධතිය ආර්ථිකයටත් විශාල ප්‍රයෝජනයක් අත්කර දෙනවා. දේශීය, විදේශීය සංචාරකයන්ට ඉදිරි අනාගතයේදී ලංකාවේ සුවිශේෂම ස්ථානය බවට තලවිල කල්පිටිය ප්‍රදේශ පත්වෙනවා. කලාපයේ කොරල්පර වගේම ඩොල්ෆින් (dolphi) තල්මසුන්, ඩියාගෝ, කැස්බෑවන් වැනි මත්ස්‍යයන් සියල්ල එකවර දක්නට ලැබෙන, දුර්ලභ ලොව එකම සමුද්‍ර කලාපය මේ කලාපය වීම සුවිශේෂියි. මෙම කොරල්පර ආශ්‍රිත සමුද්‍ර අභය භූමිය හෙක්ටයාර අටදහස් හතළිස් පහකින් සමන්විතයි.”
කොරල් පද්ධතිය පෘථිවි තලයේ ඉතාම සංවේදී පරිසර පද්ධතියක්. එය ජෛව විවිධත්වයට විශාල මෙහෙවරක් ඉටු කරනවා. ඒ අතින් අපේ දිස්ත්‍රික්කය ඉතාම ඵලදායී දිස්ත්‍රික්කයක්. අපේ දිස්ත්‍රික්කය තුළ සෑම සම්පතක්ම තිබෙනවා. කොරල්පර සහ ඩොල්ෆින් (dolphin) ඇතුළු සුවිශේෂී මත්ස්‍යයන් සහිත සමුද්‍ර අභයභූමියක් පැවතීම සුවිශේෂී කාරණයක්. ඒ නිසාම වනජීවී දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය මෙම කොරල්පර සහිත මුහුදු කලාපය සංරක්ෂණය කිරීමට කටයුතු කරනවා.” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවට අදාළ කොරල්පර ප්‍රමාණය ඉතා අවම මට්ටමක පවතින අතර ඒවා රැකගැනීම ජාතික වගකීමකි. තලවිල කොරල්පරය හොඳින් වර්ධනය වූ කොරල්පරයක් වන අතර එය සංරක්ෂණය කිරීම ඉතා වැදගත්ය. කොරල්පර වඳවීමේ තර්ජනයකට ලක්ව තිබෙන අතර අවිධිමත් සහ අනවසර ධීවර කර්මාන්තය කොරල්පරවලට තර්ජනයක් බව ද වනජීවී නිලධාරි උපාලි කුමාරතුංග මහතා කීය.
තලවිල, ආලන්තුඩාව කොරල්පරය සංරක්ෂණය කළ යුතු බවත් වනජීවී දෙපාර්තමේන්තුව මඟින් එය නීතිගත කර ආරක්ෂා කළ යුතු බවත් පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව නිර්දේශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය හරිස්චන්ද්‍ර අබේරත්න මහතා:
“අනාගතයේදී වඩාත්ම ආකර්ෂණීය සංචාරක කලාපයක් බවට කල්පිටිය පත්වෙනවා. එවිට මේ කොරල්පරය නිසා එම ප්‍රදේශය තවදුරටත් සංචාරකයන්ගේ සිත්ගන්නා ප්‍රදේශයක් බවට පත්වෙනවා. ඩොල්ෆින් ඇතුළු මත්ස්‍ය විශේෂ රාශියක් නිසා මෙම මුහුදු තීරය ප්‍රසිද්ධියට පත්වෙලා තිබෙනවා. අපේ ප්‍රදේශයේත්, රටේත් ආර්ථිකය ශක්තිමත් වීමට මේ සමුද්‍ර තීරය අනාගතයේදී විශාල මෙහෙවරක් ඉටුකරාවි.”