95
ජාතික ආරක්ෂක විද්‍යාලයේ විවිධ පාඨමාලා හදාරන ත්‍රිවිධ හමුදා නිලධාරීන් සිය අධ්‍යයන කටයුතුවලට අදාළව ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා නැඟෙනහිර පළාතේ සංචාරයක දින කිහිපයක් නියැළිණි.
මෙම ක්ෂේත්‍ර චාරිකාව සඳහා පැමිණි හමුදා නිලධාරීන් ත්‍රිකුණාමලයේ පිහිටි නැඟෙනහිර ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා මුණගැසී නැඟෙනහිර පළාතේ ජන ජීවිතය හා අනෙකුත් ක්‍රියාකරකම් පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක යෙදුණි.
මෙහිදී ආණ්ඩුකාරවරයා නැඟෙනහිර පළාතේ සමාජයීය, ආර්ථික පසුබිම පිළිබඳවත් ආරක්ෂක නිලධාරීන් වශයෙන් ඒ සඳහා මැදිහත් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව විස්තරයක් සිදු කරන ලදි.