Home » අමෙරිකානු බද්දෙන් මෙරට කර්මාන්තකරුවන් පීඩාවට පත් වෙනවා

අමෙරිකානු බද්දෙන් මෙරට කර්මාන්තකරුවන් පීඩාවට පත් වෙනවා

by mahesh
April 10, 2025 1:00 am 0 comment

ශ්‍රී ලංකාවේ අපනයනවලට අදාළව සියයට 44 ක බද්දක් පැනවීමට අමෙරිකා එක්සත් ජනපදය ගෙන ඇති තීරණය සමඟ මෙරට කර්මාන්තකරුවන් පීඩාවට පත්වන බැවින් වැට් බද්ද තුළින් ද කර්මාන්තකරුවන් පීඩාවට‌ පත් නොකරන ලෙස පුත්තලම දිස්ත්‍රීක් , සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය.

හෙක්ටර් අප්පුහාමි මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ ()9) පැවැති විවාදයට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මෙසේ ද පැවසීය:

“බදු සම්බන්ධයෙන් වන පනතකට සංශෝධන ගෙන එන විවාදයක් අද පවත්වන්නේ. අ‍ෙමරිකාව අපෙන් අපනයනය කරන භාණ්ඩවලට සියයට 44ක බද්දක් පැනවීම රටට බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. දේශීය වශයෙන් මේ හරහා ගැටලු රැසක් නිර්මාණය වෙනවා. ඒ වගේම අපගේ කර්මාන්ත කඩා වැටෙයි ද. කර්මාන්ත ශාලා නතර වුණෙත් ඒවායෙහි වැඩකරන තරුණ තරුණියන්‌ට ඇතිවන ප්‍රශ්න ආදිය බරපතළයි. එවන් අවස්ථාවක තමයි මේ වැට් සංශෝධනය ගෙන එන්නේ. අපේ රටේ අපනයන ක්ෂේත්‍රය, එම ක්‍රියාවලියට මෙම ප්‍රශ්නය බරපතළ ලෙස බලපානවා. එවැනි අවස්ථාවක මේ වැට් බද්ද ගෙනල්ලා ඒ අය තවත් පීඩාවට පත්වෙන එකයි වෙන්නේ. තිබුණ ආණ්ඩුත් අදාළ තීන්දු තීරණ නිසි වේලාවට ගත්තේ නැහැ. ඒ නිසා තමයි ආර්ථික අර්බුදයක් පවා නිර්මාණය වුණේ. අද අපේ කර්මාන්තකරුවන් කඩාවැටෙනකොට රටම කඩා වැටෙනවා. මේ ආකාරයට වැට් බද්ද සම්බන්ධයෙන් කටයුතු කළොත් අපගේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් තවදුරටත් පීඩාවට පත්වෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT