Home » වාර්ෂික පොලී ආදායම ලක්ෂ 18ට අඩු නම් රඳවා ගැනීමේ බද්දක් නෑ

වාර්ෂික පොලී ආදායම ලක්ෂ 18ට අඩු නම් රඳවා ගැනීමේ බද්දක් නෑ

by mahesh
April 10, 2025 1:00 am 0 comment

වාර්ෂික පොලී ආදායම රුපියල් ලක්ෂ දහඅටට අඩු තැන්පත්වලින් මෙම මස පළමු වැනිදා සිට රඳවා ගැනීමේ බද්දක් අය නොකරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිනී ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙ‍ෙණවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) ප්‍රකාශ කළාය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇතුළු ස්ථාවර තැන්පත්කරුවන්ගෙන් රඳවා ගැනීමේ බද්ද අය කිරීමට අදාළව පැහැදිලි කිරීමක් කරමින් තවදුරටත් මන්ත්‍රිනී ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙණෙවිය මෙසේද පැවසීය.

රඳවා ගැනීමේ බද්ධ සම්බන්ධයෙන් වැරදි අර්ථකථනයක් සමාජගත කරලා තියෙනවා. රඳවා ගැනීමේ බද්ද සියයට පහක් කලින් කැපුණු අය දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පෝලිමේ ඉන්නවා කියලත් කියනවා. අප්‍රේල් පළමු වැනිදා සිට ඒ සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව වාර්ෂික පොලී ආදායම රුපියල් ලක්ෂ දහඅටට අඩු නම් මේ රඳවා ගැනීමේ බද්ද අය කරන්නේ නැහැ. එනම් අදාළ බැංකුවට ගිහිල්ලා එක ලේඛනයක් පුරවලා ඉල්ලීමක් කිරීමෙන් මේ බද්ද අය කිරීම නතර කර ගන්න තැන්පත්කරුවන්ට හැකියාව තියෙනවා. ඒ වගේම වැඩිහිටියන්ට ජූලි මාසයේ සිට අමතර සියයට තුනක පොලියක් තමන්ගෙ ස්ථාවර තැන්පතුවලට හිමි වෙනවා. මීට කලින් වැඩිහිටි, තරුණ භේදයකින් තොරව රඳවා ගැනීමේ බද්ධ ලෙස සියයට පහක් කපා හැරියා. නමුත් මින් ඉදිරියට එම බද්ද අය කෙරෙන්නේ වාර්ෂික පොලී ආදායම රුපියල් ලක්ෂ දහඅටට වැඩි නම් පමණයි. වාර්ෂිකව ලක්ෂ දහඅටක පොලී ආදායමක් ලැබෙන්න නම් අඩු තරමින් රුපියල් කෝටි දෙකකවත් තැන්පතු තිබිය යුතුයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT