Home » තීරු බදුවලින් ආර්ථිකයට ‍ෙවන හානිය අවම කර ගන්න සියලු දෙනා ක්‍රියා කළ යුතුයි

තීරු බදුවලින් ආර්ථිකයට ‍ෙවන හානිය අවම කර ගන්න සියලු දෙනා ක්‍රියා කළ යුතුයි

by mahesh
April 10, 2025 1:00 am 0 comment

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා තිබෙන තීරු බදු හේතුවෙන් රටේ ආර්ථිකයට සිදුවන හානිය අවම කර ගැනීම සඳහා සියලු දෙනාම එක්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළයුතු බව පත්කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා (ශ්‍රී.පො.පෙ) පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) ප්‍රකාශ කළේය.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.

වැට් බදු සම්බන්ධයෙන් අද වන විට ලෝකයේම කතාබහට ලක්වෙනවා. අද ලෝකයේ ගනුදෙනු කිරීම ආනයන අපනයන ප්‍රතිපත්ති වෙනස් වෙමින් තිබෙනවා. අමෙරිකාව ගෙන තිබෙන තීන්දු එක්ක විවෘත වෙළෙඳපොළ කියන සම්බන්ධයෙන් එහාට ගොස් තිබෙනවා. අපි රටක් ලෙස අපේ රටේ ව්‍යාපාරිකයා, ව්‍යවසායකයා සහ කර්මාන්ත ආරක්ෂා කර ගැනීම අපි සියලු දෙනාගේම වගකීමක් වෙනවා. අමෙරිකාවෙන් සියයට 44ක තීරු බද්දක් අයකරන විට අනෙක් පැත්තෙන් එය පියවා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව සොයා බැලිය යුතු වෙනවා. අපි මේ පිළිබඳව සාකච්ඡා කළයුතු වෙනවා. ලෝකයේ හැම රටක්ම මේ සම්බන්ධයෙන් මාස කිහිපයකට පෙර සිටම සාකච්ඡා කළා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT