බදු සංශෝධන ඉදිරිපත් කරමින් වත්මන් ආණ්ඩුව සෑම අවස්ථාවකම උත්සාහ කරන්නේ රටේ ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට සහන ලබාදීමට බව මුදල් නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) ප්‍රකාශ කළේය.
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය.
අයකරන බදු රටේ සංවර්ධනය වෙනුවෙන් භාවිත කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවද බදු වංචාවට හා දූෂණයට තිබෙන ඉඩකඩ ඉවත් කොට රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.
2024 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා සේවායෝජකයා විසින් සේවා දායකයාට නොමිලේ ලබාදෙන ආහාර හා ප්‍රවාහන සඳහා එකතු කළ බදු ලෙස සඳහන්ව තිබුණා. සේවා ස්ථානවලට පහසුවෙන් ළඟාවීමට හා නැවත නිවෙසට යෑමට ක්‍රමවේදයක් සකස් කර තිබුණා. ඒකටත් වැට් බදු ගසා තිබුණා. එම කර්මාන්තශාලා ආණ්ඩුව සමඟ සාකච්ඡා කොට එකඟතාවයකට පැමිණ ඒවා නිවැරදි කරන්න වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. ඒ අනුව මේ වැට් ඒ තුළින් ඉවත් කොට අපේ සේවකයන්ට හා ආයතනවලට සහන දෙන්න පියවර ගෙන තිබෙනවා. ලංකාවේ තැපැල් මුද්දරවලට මුහුණත වටිනාකමට වැට් ගෙවිය යුතු යැයි සඳහන්ව තිබුණා.
මේ නිවැරැදි කිරීම පසුගිය කාලයේ සිදුවූයේ නැහැ. නමුත් වත්මන් ආණ්ඩුව ඉල්ලීම් මත ඒ ගැටලුව විසඳන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. ඒ අනුව ශුන්‍ය වැට් අනුපාතයට ගෙනාවා. පැවැති ආණ්ඩුවල ගැටලු විසඳන්න පියවර ගෙන තිබෙනවා. ප්‍රතිරක්ෂණය සඳහා තිබෙන ගැටලු විසඳන්න ද පියවර ගෙන තිබෙනවා. දේශීය රක්ෂණ සමාගමින් වන්දිය ලබාදෙන විටත් වැට් අයකර තිබුණා. මේ සමාජය රක්ෂණය කරන වැඩපිළිවෙළට යන්න අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් වත්මන් ආණ්ඩුව පියවර ගෙන තිබෙනවා. ගුවන් යානා එන්ජින් සහ අමතර කොටස්වලට වැට් අයකර තිබුණේ නැහැ. නමුත් අත්වැරදීමක් සිදුව තිබෙනවා කිවුවා. ඒ අනුව එයත් මේ අවස්ථාවේ නිවැරැදි කරන්න පියවර ගෙන තිබෙනවා.
පිරිසැකසුම් නොකළ කෘෂි නිෂ්පාදන සම්බන්ධයෙන් ගැටලු තිබුණා. ඊට සම්බන්ධ පිරිසට අසාධාරණයක් සිදුව තිබෙනවා. ඒ අනුව බිත්තර සහ කුකුල් මස් නිෂ්පාදනයන්ට අදාළව ගැටලු තිබෙනවා.