විවිධ හේතු නිසා ලංකාවේ ආර්ථිකය කඩාවැටුණු වෙලාවේ ඒක භාර ගන්න හිටපු එකම නායකයා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව එක්සත් ජාතික පක්ෂ මහඔය පදියතලාව සංවිධායක මහඔය ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක ලසන්ත සුගත් මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් මෙසේද කීය. “අපේ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට කටයුතු කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. ඒක අපේ රටේ ජනතාව හොඳින්ම දන්නා කාරණයක්. මෙවර පළාත් පාලන මැතිවරණයේදී එයට කළගුණ සැලකීමක් වශයෙන් මහඔය ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට දෙන්න බින්තැන්න ජනතාව සූදානම්. බින්තැන්න කියන්නේ දිගාමඩුල්ලේ ඓතිහාසික ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්, මේ ගම්මානවල ජනතාවට අද පවතින රජය එපා වෙලා තියෙන්නේ. ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා දිනවන්න කටයුතු කළ තරුණ පිරිස් අද අපේක්ෂකයන් බවට පත්වෙලා තියෙනවා. මෙවර පළාත් පාලන ජන්දයේදී ආණ්ඩුව වපුරපු බොරුවලට පිළිතුරු දෙන්න බින්තැන්නේ ජනතාව මඟ බලා සිටිනවා.”
ආණ්ඩුවට උත්තර දෙන්න අපි සූදානම්
මහඔය ප්‍රාදේශීය සභා අපේක්ෂක ලසන්ත සුගත් (එජාප)
by mahesh
April 10, 2025 1:00 am
0 comment
දිගාමඬුල්ල විශේෂ වසන්ත චන්ද්‍රපාල
29