Home » හොඳම සංචාරක ගමනාන්තය මාතලේට ගේන්න සැලසුම් හදනවා

හොඳම සංචාරක ගමනාන්තය මාතලේට ගේන්න සැලසුම් හදනවා

මාතලේ මහනගර සභා අපේක්ෂක එම්. ඩී. ආරියවංශ (ජාතික ජන බලවේගය)

by mahesh
April 10, 2025 1:00 am 0 comment

තක්ෂිලා උදයංගනී

මෙවර ජාතික ජන බලවේග කණ්ඩායම මඟින් මිනිසුන්ට ජීවත් වීමට වඩාත් සුදුසුම පළාත් පාලන ආයතනය මාතලේ බවට පත් කිරීමට බලාපොරොත්තු වන බව, මාතලේ මහනගර සභාවේ හුලංගමුව කොට්ඨාසයේ ජාතික ජන බලවේග අපේක්ෂක එම්.ඩී. ආරියවංශ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“කොයි ආණ්ඩු කළත්, කිසිම රාජ්‍ය යන්ත්‍රණයකට මාතලේ මහනගර සභාවේ ජනතාවගේ පොදු අවශ්‍යතා ටික හඳුනාගෙන නිසි පහසුකම් ලබා දෙන්න නොහැකි වෙලා තියනවා. මාතලේ කියන්නෙ සියලු ජාතීන් එකට ජීවත් වෙන සාමයේ පුරවරය. ඒ වගේම බුද්ධ ධර්මය සනිටුහන් කළ අලුවිහාරය ඓතිහාසික පුදබිම තියෙන ස්ථානය. මේක ලංකාවේ පළාත් පාලන ආයතන තුළ දේශීය විදේශීය ජනතාවට එන්න පුළුවන්, විඳින්න පුළුවන් හොඳම නගරය බවට පත් කිරීම තමයි මෙම කණ්ඩායමේ බලාපොරොත්තුව. ඒ වගේම සංචාරකයන්ගේ සංචාරක ගමනාන්තය මාතලේ බවට පත් කිරීමට දීර්ඝ සැලසුමක් අප සතුව තියනවා. මේ වෙනකොට මාතලේ නාගරික ප්‍රවාහන පහසුකම් සඳහා සුදුසු ස්ථානයක් තෝරාගෙන තියනවා. ඒ ස්ථානයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීමට අපි අපේක්ෂා කරනවා.

විශේෂයෙන්ම ඓතිහාසික ස්ථාන, සංචාරක ස්ථාන රැසක් පවතින නිසා දෙස් විදෙස් සංචාරකයන්ට හොඳම තැන මාතලේ බවට පත් කිරීමේ දීර්ඝකාලීන වැඩපිළිවෙළකට සැලසුම් අපි සකස් කරමින් ඉන්නවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT