ගලිගමුව ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගය ලබා ගත් පසුව බලප්‍රදේශයේ ගන අපද්‍රව්‍ය එක්රැස් කිරීම හා ප්‍රවාහනය විධිමත් කර ගලි අපද්‍රව්‍ය විධිමත්ව බැහැර කිරීම සඳහා තරණගල ගලි අපද්‍රව්‍ය ප්‍රතිකර්ම පද්ධතියක් ස්ථාපිත කිරීමත්, සභාව සතු බල්ලපාන කඩකාමර පද්ධතිය විධිමත් සැලැස්මක් අනුව විධිමත්ව නවීකරණය කර ජනතාවට වැඩි ප්‍රතිලාභ සභ ආදායමක් ලබා දීමටත් කටයුතු කරන බව ගලිගමුව ප්‍රාදේශීය සභා ජාතික ජන බලවේග අපේක්ෂක අනුර වසන්ත හේරත් මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් මෙසේද කීය.
“ආර්ථිකය ශක්තිමත් කරමින් රටෙහි සිදු කරනු ලබන සංවර්ධනය නිසා මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. අද බඩු මිල, තෙල් මිල පහළට දාලා තියෙනවා. ඒ වගේම රටේ හොරකම, වංචාව, දූෂණය නැති කරලා තියෙනවා. තෙල් පෝලිම් නෑ. සංවර්ධන වැඩවලින් කවුරුත් කොමිස් ගන්නේ නෑ. ජනතාවගේ ජීවන වියදම අඩු වෙලා. රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙලා. අද පොලීසියට දේශපාලන ඇඟිලි ගැසීම් නෑ. ස්වාධීනව කටයුතු කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මෙම නිසා ජනතාවගේ පැහැදීමක් ආණ්ඩුව කෙරෙහි තියෙනවා. එම නිසා පළාත් පාලන ආයතනවල බලයත් ජාතික ජන බලවේගයට ලබා දීමට ජනතාව අපේක්ෂාවෙන් ඉන්නේ.”