“දඹුල්ල නගරය නොනිදන නගරයක් බවට ප්‍රසිද්ධව තිබුණත් ඒ සඳහා සුදුසු පහසුකම් තවමත් සංවර්ධනය වී නෑ. එනිසා නව පාලනයක් යටතේ එම පහසුකම් ක්‍රියාවට නංවන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දඹුල්ල ආශ්‍රිතව ආබාධිත පුද්ගලයන් පන්සියයක් පමණ ඉන්නවා. ඒ සියලු දෙනාට හස්ත කර්මාන්ත අංශයේ රැකියා අවස්ථා ලබා දීමට කටයුතු කරනවා. ඒ තුළින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරනවා. එමෙන්ම පදික වේදිකාවේ වෙළෙඳාම් කටයුතු කරන පිරිසට ස්ථීර රැකියා ස්ථාන ලෙස කඩ කාමර ලබා දීමට අවශ්‍ය පියවර ගන්නවා. දඹුල්ල නගරයේ තිබෙන කුඩා වැව් හයක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. එම වැව් සංචාරක කර්මාන්තයට අදාළ වන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නත් පියවර ගන්නවා. මේ සඳහා රජයේ මුදල් යොදවන්නේ නැතිව දානපතීන් ඇතුළු පිරිසකගේ දායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරනවා. මේ සියල්ලෙන්ම දඹුල්ල නගර සභාවට ආදායමක් අරන් දී ජනතාවගේ පහසුකම් සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සකස් කරනවා.”
තවමත් සංවර්ධනයක් නැති ගමේ සියලු පහසුකම් නංවනවා
දඹුල්ල නගර සභා අපේක්ෂක දේශබන්දු ප්‍රසන්න ජයවීර (සජබ)
by mahesh
April 10, 2025 1:00 am
0 comment
තක්ෂිලා උදයංගනී
48