Home » ගමේ යටිතල පහසුකම් සැපිරූ අපිට මෙවරත් බලය දෙන්න

ගමේ යටිතල පහසුකම් සැපිරූ අපිට මෙවරත් බලය දෙන්න

බියගම ප්‍රාදේශීය සභා අපේක්ෂක දිමුතු සඳරුවන් (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)

by mahesh
April 10, 2025 1:00 am 0 comment

මල්වාන සමූහ මහානාම විතානගේ

බියගම ප්‍රාදේශීය සභාවේ පාලන බලය හිමිව තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලන කාල සීමාව තුළ ප්‍රදේශයේ යටිතල පහසුකම් වැඩිදියුණු කරමින් බියගම ජනතාවට දැනෙන සේවාවක් ඉටු කර ඇති බවත්, ඒ නිසා මෙවරත් එම ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමිකර ගන්නා බවත් බියගම ප්‍රාදේශීය සභා මල්වාන වල්ගම – නැඟෙනහිර කොට්ඨාස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක දිමුතු සඳරුවන් මහතා පැවසීය.

ඒ මහතා මෙසේද කීය.

“බියගම ප්‍රාදේශීය සභාව තුළ වංචාව, දූෂණය හා අල්ලසින් තොර පිරිසුදු කාර්යක්ෂම පාලනයක් ගෙන යෑමට අප සමත් වුණා. ඒ අනුව කිසිම කෙනකුට අපට ඇඟිලි දිගු කරන්නට බැහැ. අභූත චෝදනා නඟන්නට බැහැ. ඉදිරියටත් බියගම ජනතාවගේ උපතේ සිට විපත දක්වා ප්‍රාදේශීය සභාව මඟින් ලබා දිය හැකි උපරිම සේවාව ලබා දීමට කටයුතු කරනවා. අපගේ පසුගිය පාලන කාල සීමාවේ ඉටු කරන ලද සේවා අතුරින් පමුණුවිල ප්‍රදේශයට ආදාහනාගාරයක් ලබා දීම ඉන් ප්‍රධාන තැනක් ගන්නවා. බලප්‍රදේශයේ දිනපතා එක්රැස් වන කසළ ඉවත් කීරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. බියගම ගංවතුර පවතින දිනවලට ගංවතුරින් අවතැන් වන පවුල්වලට සහන ලබා දීමට පියවර ගත්තා. ප්‍රාදේශීය සභාවේ ආදායම ඉහළ නංවන්නට කටයුතු කළා. ඒ නිසා මේ වන විට රජයෙන් හෝ පළාත් සභාවෙන් අනුග්‍රහයක් නැතිව ස්වාධීන ආයතනයක් ලෙසට බියගම ප්‍රාදේශීය සභාව ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය වන පසුබිම නිර්මාණය කළා. මේවා මා ඉටු කළේ මැතිවරණ බලාගෙන නෙමෙයි. ඉදිරියටත් මා කොට්ඨාසයේ ජනතාව සමඟ එක්ව ප්‍රාදේශීය සභාව හරහා ගමට ලබා දිය හැකි සෑම ප්‍රතිලාභයක්ම ලබා දීමට ඇපකැප වෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT