Home » අපි සභාවේ වංචා-දූෂණ ගැන ඕනෑම වෙලාවක පෙනී ඉන්නවා

අපි සභාවේ වංචා-දූෂණ ගැන ඕනෑම වෙලාවක පෙනී ඉන්නවා

බද්දේගම ප්‍රාදේශීය සභා අපේක්ෂක - දුමින්ද මනම්පේරි (සජබ)

by mahesh
April 10, 2025 1:00 am 0 comment

බද්දේගම මධ්‍යම විශේෂ - ජස්ටින් පතිරගේ

“යහපාලන රජය යටතේ ගම්පෙරළිය නියෝජිතයෙක් වශයෙන් හා තෙලිකඩ මාජුවාන බලප්‍රදේශයේ කලාප කළමනාකරු වශයෙන් ප්‍රදේශයේ හඳුනාගත් අඩුපාඩුවලින් සැලකිය යුතු ප්‍රමාණයකට තමාගේ ඉල්ලීම පරිදි ප්‍රතිපාදන යොදවා එහි සංවර්ධන වැඩ හැකි පමණින් ඉටු කළ බව සමගි ජන බලවේග බද්දේගම ප්‍රාදේශීය සභා අපේක්ෂක දුමින්ද මනම්පේරි මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

“ගමේ අඩුපාඩු හඳුනාගෙන තිබූ නිසා අපට ජනතා ඉල්ලීම් ඉටු කළ හැකි වුණා. මම රුපියල් ලක්ෂ 2,000ක පමණ වැඩ කරලා තියෙනවා. මෙවර මම බද්දේගම ප්‍රාදේශීය සභාවට පත්වුවහොත් පෙර පාසල් ළමුන් සඳහාත්, දුගී දරු දැරියන් සඳහාත් පාසල් උපකරණ හා සමාජයට අවශ්‍ය දේ සඳහා යොදවන්න බලාපොරොත්තු වෙනවා. මම බොරු පොරොන්දු දෙන්නේ නැහැ. පවතින රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් මගේ සහෝදර ඥාතීන්ගේ, දේශපාලනඥයන්ගේ මුදල් ලබාගෙන ගමේ සංවර්ධන වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. මම කිසිදිනක රුපියලක්වත් සොරකම් කරලා නැහැ. ලක්ෂ ගාණක ගමේ සංවර්ධන වැඩ කළා. ඒ ගැන මුළු

ගමම දන්නවා. එනිසා මම සෑම අවස්ථාවකම ගමේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට බලාපොරොත්තු වෙනවා. මට මුණගැහෙන කණ්ඩායම එක්ක සභාවේ දූෂණ – වංචා පිළිබඳව මා ඕනෑම වෙලාවක ජනතාව වෙනුවෙන් සත්‍ය ලෙස පෙනී සිටිනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT