Home » පාරිභෝගික අධිකාරිය වැටලීම් වැඩි කරයි

පාරිභෝගික අධිකාරිය වැටලීම් වැඩි කරයි

by chanaka
April 10, 2025 11:19 pm 0 comment

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් උත්සව සමය වෙනුවෙන් සිදුකරනු ලබන විශේෂ වැටලීම් වැඩසටහන යටතේ පසුගිය දින කිහිපය තුළ පමණක් වැටලීම් 1,200ක් සිදුකර තිබේ.

ඒ අනුව ඉදිරි දිනවලදී ද අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරමින් වැටලීම් සිදුකරන ලෙස උපදෙස් ලැබී තිබේ.

මෙම වැටලීම් සිදුකිරීමේදී වෙළෙදුන් විසින් භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම, සඳහන් කළ මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩවල සඳහන් කර ඇති තොරතුරු වෙනස් කිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, බිල්පත් නිකුත් නොකිරීම, කොන්දේසි සහිතව භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩ සගවා තබාගැනීම, භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කිරීම සහ පාරිභෝගිකයන් නොමග යවන අයුරින් කටයුතු කරමින් මිල අඩු කිරීම් සහ සේල් පවත්වාගෙන යමින් භාණ්ඩ අලෙවි කිරීම යනාදිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් වැටලීම් සිදු කරන ලෙසටද අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මෙම වැටලීම් නිවාඩු දිනවල සහ රාත්‍රී කාලයේ ද ක්‍රියාත්මක අතර, එම වැටලීම්වලදී සම්බා සහ කීරි සම්බා සහල් වැඩිමිලට අලෙවි කිරීම මෙන්ම බිත්තර සහ කුකුල් මස් මිල උත්සව සමය තුළ ඉහළ දැමීමට උත්සාහ කරන වෙළදුන් සම්බන්ධව ද විමර්ශන නිලධාරීන් විසින් වැඩි අවධානයක් යොමු කරනු ලබයි.

එවැනි වෙළෙදුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

මේ අතර ඉහත වැටලීම්වලට අමතරව දුර ගමන් සේවා බස් නැවතුම් ස්ථානවල පිහිටි වෙළෙඳසැල්හි මිල ප්‍රදර්ශනය නොකිරීම සහ වැඩිමිලට භාණ්ඩ අලෙවි කිරීම, කල් ඉකුත් වූ සහ තොරතුරු සඳහන් නොවන භාණ්ඩ විකිණීම ඇතුළු වැරදි වැළැක්වීම සම්බන්ධව ද අවධානය යොමු කරමින් වැටලීම් සිදුකිරීම සඳහා විශේෂ වැඩසටහනක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT