20
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමටා (Akio Isomata) මහතා හා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අතර සාකච්ඡාවක් ඊයේ (08) මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ දී සිදු විය.
දෙරට අතර සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ එහිදී සාකච්ඡා කෙරිණි. එමෙන්ම වර්තමාන රජයේ “ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka)” වැඩසටහන පිළිබඳත්, දූෂණ වංචා පිටුදැකීම පිළිබඳත්, ජපාන තානාපතිවරයා විසින් පැසසුමට ලක් කරන ලදි. මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා ද සහභාගි විය.