දඹාන ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නියලා ඇත්තො, ඉදිරි දින කිහිපය ඇතුළත දී මෙවර ප්‍රාදේශීය සභා වෙනුවෙන්, දඹාන කොට්ඨාසයෙන් ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන් එකම වේදිකාවට රැගෙන ඒමට සූදානමක් පවතින බවට මාධ්‍ය හමුවක් තබමින් හෙළිදරුව් කළේය.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කරමින් ආදිවාසී නායක මෙසේ පැවැසීය.
“හොඳමයි…මම අද දවසේ කල්පනා කරේ, මේ රටේ කොයි කාලෙකවත් කරපු නැති වැඩක් කරන්න. අපේ රට දිහා බැලුවම මේ රටේ විශාල ප්‍රමාණයක් දේශපාලන නායකයො ඉන්නවා. පක්ෂ තියෙනවා. මේ හැමෝම එක එක්කෙනා කරන්න හිතාගෙන ඉන්න එක එක වැඩ තියෙනවා. ඉතින් දැන් ලංකාවෙ තියෙන ආණ්ඩුව බැලුවම ආණ්ඩුවේ අලුතින්ම ආව කණ්ඩායමක් ඉන්නවා. හැබැයි අපි නිතරම රටේ ජනාධිපතිවරයා දකිනවා. කතා කරනවා කරන දේවල් ඇහෙනවා, දකිනවා. හැබැයි තවත් ඉන්න අනිත් මන්ත්‍රීවරු ඇමැතිවරු අපි ඇහැටවත් දැකින්නේ නෑ. දැන් ඉදිරියට ඡන්දයක් එනව. ආණ්ඩුවේ වැඩ කොටස ඒගොල්ලෝ කරගෙන යනවා. අපේ ගම්වල, වැඩ කටයුතු කරන්න ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තමයි මේ ඉදිරියට එන මැතිවරණය පැවැත්වෙන්නේ. හැම දේශපාලන පක්ෂයකින්ම දැන් තරුණ තරුණියෝ ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කිහිපය තුළ දී මගේ කොට්ඨාසය තුළ සිටින සියලුම පක්ෂවල, සියලුම අපේක්ෂකයන් සහ එම පක්ෂවල නායකයන් ස්වාධීන කණ්ඩායම්වල නායකයන් ඇතුළු සියලුම දෙනා ම එකම දිනයක දී එකම තැනකට රැස් කරලා ඒ අය නායකත්වයට පත් උනාම ඒ අය කරන්න යන වැඩපිළිවෙළ ගම්වාසීන් ඉදිරියේ ඉදිරිපත් කරන්න. අපේක්ෂකයන්ගේ කතාවෙන් පස්සේ මිනිස්සුන්ටත් අවස්ථාව ලබා දෙනවා. මිනිස්සුන්ගේ ගැටලුත් ඉදිරිපත් කරන්න. මම හිතන්නේ නෑ මීට කලින් මෙහෙම වැඩසටහනක් කරලා තියනවා කියලා. ඉතිං ඒ නිසා මම මේක ආරම්භ කරනවා. මේක දකින ඔබ සැමගෙනුත් මම ඉල්ලා සිටිනවා ඔබේ ගමේ සියලු පක්ෂවල අපේක්ෂකයන් ගෙනල්ලා මෙන්න මේ වගේ වැඩසටහනක් සංවිධාන කරන්න කියලා. ඡන්ද අයිතිය තිබෙනවා කියා ඡන්දය දැම්මාට කතිරේ ගැහුවට වැඩක් නෑ. ඡන්දයට ඉදිරිපත් වෙන අය ප්‍රසිද්ධියේ ගමේ මිනිස්සු ඉස්සරහම කතා කරන්න ඕන ඒ අය මොනවාද ගමට කරන්න සූදානම් කරගෙන ඉන්නේ කියලා. අන්න ඒ දේවල් බලලා තමයි මිනිස්සු උනත් මොන අපේක්ෂකයාද සුදුසු ගම නියෝජනය කරන්න ඕන කියලා. ඉතින් මං මේ වැඩසටහන මගේ ගමෙන් ආරම්භ කරනවා රටේ ඉන්න අයගෙනුත් ඉල්ලන්නේ ඒ වගේ කතාකරලා හොඳ තීරණයක් ගන්න කියලා. මම හිතනවා එහෙම උනොත් ලොකු විශ්වාසයකින් කටයුතු කරන්න පුළුවන් කියලා. මේකේ කිසිම පක්ෂ භේදයක් නෑ. හැමෝම එක තැනකට එකතු කරලා කතා කරන වැඩසටහනක් තමයි තියෙන්නේ.මේකෙදි කිසිම පක්ෂයට පක්ෂපාතීත්වයක් නොමැතිව සිද්ධ වෙන්නත් ඕන. මෙතනදි අපි බලන්න ඕන හොඳම පක්ෂය නෙවෙයි, ජනතාව වෙනුවෙන් කැපවෙන හොඳම අපේක්ෂකයා කවුද කියන එක විතරයි. “ යැයි ප්‍රකාශ කර සිටියේය.