අතුරුදන්ව සිටි බවට සැක කරන තරුණයකුගේ අස්ථි කොටස් කීහිපයක් ඔයාමඩුව,නොච්චියාගම මාර්ගය ආසන්නයේ දුනුමඩලාව රක්ෂිතයේ තිබී පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් ඊයේ (09) සොයාගෙන ඇත.එසේම මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මැදවච්චිය,කොලික්කඩ වයස අවුරුදු තිස් පහක (35) දෙදරු පියකු පසුගිය මාර්තු මස 21 වැනිදා උදෑසන සිට අතුරුදන් වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අප්‍රේල් 02 වැනි දින මැදවච්චිය පොලිසියට පැමිණිලි කර තිබේ. මරණයට පත් තරුණයා මේ සැකකරුවන් සිටින ස්ථානයට ගෙන්වාගෙන කුලි පදනම මත ලබාගත් මෝටර් රථයකින් අනුරාධපුර ලෝළුගස්වැව ප්‍රදේශයේ ලැඟුම් හලකට ගෙන ගොස් ඝාතනය කිරීමෙන් පසු ඔයාමඩුව,දුනුමඩලාව ප්‍රදේශයේ රක්ෂිතයට ගෙන ගොස් ගිනි තබා ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
මියගිය බවට සැක කරන අතුරුදන්ව සිටි තරුණයාගේ ජංගම දුරකථනයෙන් අවස්ථා කීහිපයකදී ඔහුගේ බිරියට සැකකරුවන් කෙටි පණිවිඩ එවා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇති වු සැකය මත මැදවච්චිය පොලිසියට පැමිණිලි කර තිබේ.ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය තරුණයාගේ බවට සැක කරන පිළිස්සුණු සිරුරු කොටස් කීහිපයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.මේ වන විට එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කර තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් නාත්තන්ඩිය,වාරියපොල,එප්පාවල,ගම්පහ ප්‍රදේශවල සැකකරුවන්ය.
පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරකට අනුව එම නිලධාරින් සහා අනුරාධපුර අපරාධ අංශය, අනුරාධපුර පොලිස් කොට්ඨාශ විමර්ශන අංශය නිලධාරීන් විසින් මේ විමර්ශන සිදු කරයි.