Saturday, April 19, 2025
Home » කොට්ටුකච්චිය වෙල්යායේ අතරමංව සිටි අලි පැටවකු අල්ලා වනජීවියට භාරදෙයි

කොට්ටුකච්චිය වෙල්යායේ අතරමංව සිටි අලි පැටවකු අල්ලා වනජීවියට භාරදෙයි

by mahesh
April 10, 2025 1:00 am 0 comment

පුත්තලම අතිරේක - හිරාන් ප්‍රියංකර ජයසිංහ

කොට්ටුකච්චිය වෙල්යායේ අතරමංව සිටි වන අලි පැටවකු ගම්වාසීන් අල්ලා වනජීවී නිලධාරීන්ට ඊයේ (09) භාරදී ඇත. අලි පැටවා නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයට පසුව භාරදීමට රැගෙන යන ලදි. වනඅලියා මාස තුනකට ආසන්න කුඩා පැටවකු බව වනජීවී නිලධාරීහු පවසති. මේ දිනවල පුත්තලම දිස්ත්‍රික්කයේ ගම්වැදුන වනඅලි නැවත වනාන්තර වෙත පලවා හැරීම සිදු වෙයි. එසේ පලවා හරිමින් සිටි අලි රංචුවක අලි පැටවකු අතරමංව මෙසේ කොට්ටුකච්චිය වෙල් යායේ සැරිසරමින් සිට ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT