සිංගප්පූරුවේ සබානා ජුරොන්ග් (Surbana Jurong) ආයතනය හා අමාත්‍යාංශ 18ක් එක්ව කලාප 03ක් යටතේ ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට නියමිත සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ අදාළ අමාත්‍යාංශ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරේදා (08) පැවැත්විණි. කොළඹ මහනගර සැලසුම, නැඟෙනහිර සංවර්ධන සැලසුම හා ග්‍රේටර් හම්බන්තොට ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර සිංගප්පූරුවේ සබානා ජුරෝන්ග් (Surbana Jurong) ආයතනයේ නිලධාරීහු ද මාර්ගගත ක්‍රමයට මෙම සාකච්ඡාවට එක්වූහ. මෙහිදී මෙම ව්‍යාපෘති 3 පිළිබඳ ප්‍රගතිය සමාලෝචනය කෙරුණු අතර ඉදිරි සති 2ක කාලය තුළ මෙම ව්‍යාපෘතිවල අඩුපාඩු සොයාබලා ඉදිරි කටයුතු අවසන් කිරීමට ද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.
කොළඹ, නැගෙනහිර හා ග්‍රේටර් හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති ගැන සාකච්ඡා
by mahesh
April 10, 2025 1:00 am
0 comment
22
මීලඟ පුවත