Home » පොලිස් නිලධාරීන්ට කෝටි තුනක මුදල් තෑගි
මීගමුවේ අපරාධ විසඳීමට දායක වූ

පොලිස් නිලධාරීන්ට කෝටි තුනක මුදල් තෑගි

by mahesh
April 10, 2025 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

මීගමුව කොට්ඨාසයේ අපරාධ විසඳීම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වන ලද පොලිස් නිලධාරීන් වෙනුවෙන් රුපියල් කෝටි 03කට අධික ත්‍යාග මුදල් පිරිනැමීමේ උත්සවයක් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතාගේ සහභාගිත්වයෙන් පෙරේදා (08) දිවුලපිටිය පොලිස් වසමේ නෙත්මි උත්සව ශාලාවේදී පවත්වන ලදි.

මීගමුව කොට්ඨාසයේ පොලිස් ස්ථාන 12කට අනුයුක්තව රාජකාරී කරනු ලබන නිලධරයන් 914 දෙනෙකු සඳහා ත්‍යාග මුදලක් නිර්දේශ කර ඇති අතර එම උත්සව අවස්ථාවේදී නිලධරයන් 125 දෙනෙකු වෙනුවෙන් සංකේතාත්මකව ත්‍යාග මුදල් හා පොලිස්පති ප්‍රශංසා පිරිනමන ලදි.

මෙම ත්‍යාග මුදල් හා පොලිස්පති ප්‍රශංසා ලබා ගැනීම සඳහා රාජ්‍ය නිවේදිත නිලධාරීන්, පරීක්ෂක ශ්‍රේණියේ නිලධරයන්, පොලිස් සැරයන්, කාන්තා පොලිස් සැරයන්, පොලිස් කොස්තාපල්වරුන්, පොලිස් කොස්තාපල්වරියන්, පොලිස් සැරයන් රියැදුරු සහ පොලිස් කොස්තාපල් රියැදුරු නිලධාරීන් සුදුසුකම් ලබා ඇත.

මෙම අවස්ථාව සඳහා මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේන මහතා, ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතා හා කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක මහතා ඇතුළු පොලිස් නිලධාරිහු රැසක් සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT