කන්දකැටිය මලුවේගොඩ ප්‍රදේශයේ කුඹුරක තිබූ රුපියල් 14,400ක් වටිනා වී මලු පහක් සහ යාබද ගස්වල තිබූ රුපියල් 3000ක වටිනාකමකින් යුත් පුවක් සොරකම් කළ බව කියන පුද්ගලයන් සිව්දෙනකු පෙරේදා (08) රාත්‍රී අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලීසිය පැවසීය.
මලුවේගොඩ විහාරස්ථානය ඉදිරිපිට ඇති වෙල්යායේ කුඹුරක පසුගියදා (07) නෙළන ලද අස්වැන්න පසුදින ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා ගෝනි කර එම කුඹුරේම ගොඩගසා තිබූ අවස්ථාවේදී ගෝනි පහක් සහ යාබද ඉඩමේ තිබූ පුවක් ගස් පහළොවක තිබූ පුවක් කඩාගෙන ගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබිණි.
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල, බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත කන්දකැටිය පොලිස් ස්ථානාධිපති එච්.පී ජයතුංග මහතාගේ මෙහෙයවීම යටතේ උ.පො.ප. නවරත්න, පො.සැ. වීරසිංහ (70204) පො.කො.වරුන් වන ඒකනායක (88146), ප්‍රියන්ජිත් (88115), තිලක් (95778) යන නිලධාරීහු වැටලීමට එක් වූහ. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.