Saturday, April 19, 2025
Home » කතරගම ජී. රාජපක්ෂ ගෙදරට අනුමැතිය දුන් හිටපු ප්‍රා/සභා සභාපතිට ඇප
කතරගම ජී. රාජපක්ෂ ගෙදරට අනුමැතිය දුන්

කතරගම ජී. රාජපක්ෂ ගෙදරට අනුමැතිය දුන් හිටපු ප්‍රා/සභා සභාපතිට ඇප

by mahesh
April 10, 2025 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ, කතරගම සමූහ - කේ.ඩී. දේවප්‍රිය

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් බව කියන මැණික් ගඟ අසල පිහිටි නිවෙසක් සඳහා ඉදිකිරීම් අනුමැතිය දීමට කූට ලේඛනයක් සකස් කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍ර‍මසිංහ මහතා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර ද සිල්වා මහතා ඊයේ (09) නියෝග කළේය.

මැණික් ගඟ ආසන්නයේ ඇති එම නීති විරෝධී ඉදිකිරීමට අක්‍රමවත් ලෙස අනුමැතිය දීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

මෙම ගොඩනැඟිල්ලට ජී. රාජපක්ෂ නමින් විදුලි බිලක් සහ ජල බිලක් ලැබෙන බවත් සැකකරනු ලබන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම ගොඩනැඟිල්ල හිමි බවටත්ය.

මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ට සම්බන්ධ රැසකගෙන් ප්‍රශ්න කරනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT