Saturday, April 19, 2025
Home » මියන්මාරයට ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගෙන් වෛද්‍ය සායන දෙකක්

මියන්මාරයට ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගෙන් වෛද්‍ය සායන දෙකක්

by mahesh
April 10, 2025 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

භූමිකම්පා තත්ත්වය හේතුවෙන් මියන්මාර රාජ්‍යයේ ආපදාවන්ට ලක් වූ ජනතාව වෙත ආපදා සහන සේවා සැලසීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහාය වීමේ අරමුණින් මියන්මාරයට ගොස් සිටින ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගෙන් සමන්විත විශේෂ මානුෂීය ආධාර සහ සහන සේවා කණ්ඩායම වෛද්‍ය සායන දෙකක් පෙරේදා (07) පවත්වා ඇත. ශ්‍රී ලංකා සහන සේවා කණ්ඩායම මියන්මාරයේ යැන්ගොන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා වීමෙන් අනතුරුව, එදිනම කිලෝමීටර් 450ක් පමණ දුරින් පිහිටි ආපදා කලාපය වෙත යොමු කර තිබේ. ඔවුන් මේ වන විට නේ පි ටෝ (Nay Pyi Taw) පළාතේ ස්ථානගත කර ඇත. එරට ප්‍රාදේශීය පරිපාලන ආයතනවල ද සහයෝගයෙන් ජංගම වෛද්‍ය සායන දෙකක් පැවැත්වීමට පොබ්බා තිරි (Pobba Thiri) නගරය වෙත ස්ථානගත කොට තිබේ. අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීම, තුවාලවලට ප්‍රතිකාර කිරීම මෙන්ම ව්‍යසනයෙන් බලපෑමට ලක් වූ ජනතාවගේ ප්‍රජා සෞඛ්‍ය සහ මානසික යහපැවැත්මට සහාය වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT