Home » ඇත් දළ කාන්තා රූපයක් සමඟ මල්වානේ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඇත් දළ කාන්තා රූපයක් සමඟ මල්වානේ පුද්ගලයෙක් අත්අඩංගුවට

by mahesh
April 10, 2025 1:00 am 0 comment

වේයන්ගොඩ විශේෂ - ආනන්ද ඉ. ජයකොඩි

රුපියල් ලක්ෂ ගණනක් වටිනා ඇත් දළින් නිර්මාණය කරන ලද කාන්තා රූපයක් සමඟ පුද්ගලයකු ඉකුත් 07 වැනිදා පස්වරුවේ හොරගොල්ල ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් පිරිසක් විසින් මල්වාන ප්‍රදේශයේ කරන ලද හදිසි වැටලීමක දී අත්අඩංගුවට ගනු ලැබීය.

ඇත් දළින් නිර්මාණය කර ඇති ග්‍රෑම් 475කින් යුතු කාන්තා රූපයක් රුපියල් ලක්ෂ ගණනක මුදලකට අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවට ලද තොරතුරකට අනුව හොරගොල්ල ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් පිරිසක් ඉකුත් 07 වැනිදා පස්වරුවේ උපාය දූතයකු යොදවා මල්වාන, උලහිටිවල ප්‍රදේශයේ නිවෙසක් වටලා එම කාන්තා රූපය සමඟ එය අලෙවි කිරීමට සූදානම්ව සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරියකු පැවසීය.

එම ඇත් දළ නිර්මාණය රුපියල් ලක්ෂ ගණනක් වටිනා එකක් බවත් කෙසේ නමුත් එහි නියම වටිනාකම තක්සේරු කිරීම සඳහා කටයුතු කර ගෙන යන බව ද එම නිලධාරියා කීය.

එම පුද්ගලයා සමඟ ඇත් දළ නිර්මාණය මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT