Home » දඩ කොළ ඔන්ලයින් ගෙවීමේ නියමු ව්‍යාපෘතියක්

දඩ කොළ ඔන්ලයින් ගෙවීමේ නියමු ව්‍යාපෘතියක්

by chanaka
April 10, 2025 4:08 pm 0 comment

රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්ට නිකුත් කරන දඩ කොළ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම සඳහා නියමු ව්‍යාපෘතියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් පියවර ගෙන තිබේ.

රජය විසින් හඳුන්වාදී තිබෙන GovPay ඇප් එක හරහා මෙම ගෙවීම් සිදුකළ හැකිය.

කුරුණෑගල සිට අනුරාධපුර දක්වා මාර්ගයේ ස්ථාන 11කදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.

මේ මස 30 වැනිදා දක්වා එය ක්‍රියාත්මක බව මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය.

රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම හඳුන්වාදීම පසුගිය පෙබරවාරි 7 වැනිදා සිදුකළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT