රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා පරිගණක, ජංගම දුරකථන සහ සපත්තු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ , ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
මෙම පුද්ගලයා අද(10) පෙරවරු 09.30 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 2459 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ලැප්ටොප් පරිගණක 35 ක්, ටැබ් පරිගණක 03 ක් , අයි ෆෝන් 10 ක්, මෙමරි කාඩ් චිප් 100 ක් සහ සපත්තු තොගයක් සගවා ගෙන සිටියදී අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු මෙම ගුවන් මගියා සහ ඔහු විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ භාණ්ඩ තොගය කටුනායක ගුවන් තොටුපොළ නයිකන්ද ප්‍රදේශයේ පිහිටි රේගු නිවාරණ කාර්යාලයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.