උතුරු අමෙරිකානු රටක් වන ඩොමිනිකන් රාජ්‍යයේ අගනුවර සුප්‍රකට රාත්‍රී සමාජ ශාලාවක වහල කඩා වැටීමෙන් පුද්ගලයන් 113 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර පිහිටි ජෙට් සෙට් නමැති එම රාත්‍රී සමාජ ශාලා අනතුරෙන් තවත් පුද්ගලයන් 223 දෙනකු තුවාල ලබා ඇති ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. පෙරේදා අලුයම 1.00ට පමණ සමාජ ශාලාවේ වහලය කඩා වැටෙන මෙහොතේ එහි 300කට අධික පිරිසක් සිටි බවත්, සුන්බුන් අතරට මැදිවූ සෙසු පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඩොමිනිකා රාජ්‍යයේ හිටපු සුපිරි බේස්බෝල් ක්‍රීඩකයකු වන ඔක්ටේවියෝ ඩොටෙල් සහ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයකු ද අනතුරින් මිය ගොස් ඇති අතර, ඒ වනවිට පැවැත්වෙමින් තිබූ ප්‍රසංගයේ ගී ගයමින් සිටි එරට ජනප්‍රිය ගායකයකු වන රුබි පෙරෙස් ද ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.