Home » භූ කම්පනයෙන් පසු මියන්මාරයේ යළි සිවිල් යුද්ධයක්

භූ කම්පනයෙන් පසු මියන්මාරයේ යළි සිවිල් යුද්ධයක්

by mahesh
April 10, 2025 1:00 am 0 comment

පුද්ගලයන් 3,564කට මරු කැඳවූ මියන්මාර භූ කම්පනයෙන් පසු හමුදා රජය සහ බෙදුම්වාදී කැරැලිකරුවන් අතර දින 20ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ ද, මේ වනවිට යළි ගැටුම් ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැරලිකාර කණ්ඩායම් 3ක් සටන් විරාමයට එකඟතාව පළ කර තිබූ බවත්, පෙරේදා දෙපාර්ශ්වය අතර යළි වෙඩි ප්‍රහාර හුවමාරු වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. මියන්මාරයේ උපායමාර්ගිකව වැදගත් වන ලෂියෝ නගරයේ බලය අත්පත් කරගෙන සිටින කැරලිකාර කණ්ඩායම සහ රජයේ හමුදාව අතර චීනයේ මැදිහත්වීමෙන් අටවැනි වරටත් පැවැති සාම සාකච්ඡා බිඳ වැටුණු බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මියන්මාරය සමඟ ඓතිහාසික සම්බන්ධතාවකට හිමිකම් කියන චීනය කැරලිකරුවන් හා රජය අතර මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමට අසමත්වීමෙන් පසු චීනය කෙරෙහි හමුදා රජයේ විශ්වාසය පලුදු වී ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT