සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවත් සමඟ මහජනතාව වැඩි වශයෙන් ඒකරාශීවන අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, සැණකෙලි ඇතුළු උත්සවවලදී මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් හා රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා පොලිසිය සදහන් කරයි.
උත්සව සමයේ මහජනතාව විශාල වශයෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන වෙළෙඳසැල්වෙත පැමිණීම අපේක්ෂා කරන බැවින් කොටුව, පිටකොටුව (ගාලුමුවදොර), බොරැල්ල, කිරුළපන හා බම්බලපිටිය යන ප්‍රදේශවලට මෙන්ම ආගමික ස්ථාන පිහිටි ප්‍රදේශවලට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් 6000කට අධික ප්‍රමාණයක් යොදාව ඇත.
එසේම එම ප්‍රදේශවල ඇතිවිය හැකි රථවාහන තදබදය අයම කර ගැනීම සදහා ද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.
දිවයින පුරා උත්සව සහයේ මහජනතාවගේ ආරක්ෂාව සහ රථවාහන හැසිරවීම සදහා පොලිස් නිලධාරීන් 35,000කට අධික සංඛ්‍යාවක් යෙදවීමට යෙදවීමට කටයුතු කරනු ලබයි.
මෙම කාලසීමව තුළ දී රථවාහන නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් වෙත අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස පොලිීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.