224
ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල කාඩ්පත් පාදක ගනුදෙනු සඳහාවන නියමු ව්‍යාපෘතිය මෙම සතියේ ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
නියමු ව්‍යාපෘතිය කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරු මධ්‍යස්ථානවලින් ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව, අධිවේගී මාර්ගවල ගමන් සඳහා ගෙවීම් ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් මෙන්ම QR කේත පරිලෝකනය කිරීමෙන් සිදු කළ හැකිය.
මෙම නියමු ව්‍යාපෘතියෙන් අනතුරුව මැයි මාසයේ සිට මෙරට සියලු අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් කටයුතු සිදුකිරිමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.