Monday, April 21, 2025
Home » බටලන්ද කොමිසමේ විවාදය අද

බටලන්ද කොමිසමේ විවාදය අද

by chanaka
April 10, 2025 9:34 am 0 comment

බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය අද (10) ආරම්භ වීමට නියමිතය.

දින දෙකකින් සමන්විත අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

අදාළ කොමිෂන් සභා වාර්තාව පසුගිය මාර්තු මස 14 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කළේය.

කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් දෙවන දිනයේ විවාදය මැයි මාසය තුළ පැවැත්වීමට නියමිතය.

අද දිනයේ මෙම විවාදයෙන් පසුව පාර්ලිමේන්තුව මැයි මස 8 වැනිදා තෙක් කල් තැබීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT