අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගේ මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහ මහතාව නම් කළ බව මැතිවරණ කොමිසම පවසයි.
සමන්ත රණසිංහ මහතා 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය රඹුක්කන ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.
අංක 22 – කෑගල්ල මැතිවරණ කොට්ඨාසය සඳහා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 62 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තෝරා පත්කර ගන්නා ලද හපුආරච්චිගේ කෝසල නුවන් ජයවීර මහතා මිය යෑම හේතුකොටගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (13) (p) අනුව්‍යවස්ථාවට අනුව හා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (2) වන වගන්තිය යටතේ ක්‍රියා කරමින් එකී මැතිවරණ කොට්ඨාසය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස රත්නායක මුදියන්සේලාගේ සමන්ත රණසිංහ මහතා මෙලෙස තෝරා ගත් බවට කොමිසම නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත.