Home » පිල්ලෙයාන් රඳවාගෙන ප්‍රශ්න කරයි
නැඟෙනහිර උපකුලපති අතුරුදන් කිරීමේ සිද්ධිය:

පිල්ලෙයාන් රඳවාගෙන ප්‍රශ්න කරයි

by mahesh
April 10, 2025 7:03 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රවීන්ද්‍රනාත් සුබ්‍රමනියම් මහතා අතුරුදන්වීම ඇතුළු පුද්ගල පැහැරගැනීම් සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයකට අදාළව අත්අඩංගුවගත් හිටපු රාජ්‍ය ඇමැතිවරයකු මෙන්ම නැඟෙනහිර පළාත් මහ ඇමැතිවරයකු ලෙස කටයුතු කළ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන පැවැත්වීම කෙරෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇත. ‍මඩකලපුවේ පිහිටි කාර්යාලයේදී අත්අඩංගුවට ගත් පිල්ලෙයාන් ඊයේ යන විට කොළඹට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පියවර ගත්හ.

මහාචාර්ය රවීන්ද්‍රනාත් සුබ්‍රමනියම් මහතා අතුරුදන්වන්නේ 2007 වසරේදීය. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළද පසුව ඒම විමර්ශන ලිපිගොනුවකට පමණක් සීමාවී තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT